"වැඩේ ඉවරද? - කඩේ වහමුද?" යන මැයෙන් පැවති කාලීන සංවාදයක් අලුත් පියාපත් සංවිධානය
මඟින් පසුගිය 21 වැනිදා පස්වරුවේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (NADA) දී පැවැත්වීය.
එහිදී සැබෑ ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය මුදලාලීකරණය පිළිබඳ අදහස් දැක්වීම් සිදුකරන ලද අතර අනතුරුව Shock and Awe චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම සහ ඒ පිළිබඳ අදහස් දැක්වීමක් ද සිදුකෙරිණි.
මෙම වැඩසටහන සඳහා අලුත් පරපුර, ප්රජාතන්ත්රවාදය සඳහා සමනල්ලු, දිදුලන හදවත, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ප්රජාතන්ත්රවාදය උදෙසා නීතීඥයෝ, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංගමය, චත්‍ර සංවිධානය, සංස්කෘතික විමුක්ති ගිවිසුම, තරුණ නව රැල්ල, ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, සමාජ සමානාත්මතාවය සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, රම්‍ය ලංකා, ජාතික මාධ්‍ය සංසදය, නිදහස වෙනුවෙන් සිනමාකරුවෝ සහ නැගිටිමු ශ්‍රී ලංකා යන සංවිධාන ඇතුළු කලාකරුවන්, වෘත්තීයවේදීන් සහ විද්වතුන් පිරිසක් ආරාධනා ලැබ සිටියහ.
අලුත් පියාපත් புதிய சிறகுகள் The New Wings
https://mirrorarts.lk/news/4514-wade-iwarada-kade-wahamuda-21#sigProId8fe1901a5e