බොලිවුඩ් රංගන ශිල්පී අනිල් කපුර් සහ ඔහුගේ දියණිය සෝනම් කපුර් රඟපෑ නවතම සිනමා නිර්මාණය තමයි “Ek Ladki Ko Dekha Toh Aisa Laga” කියන්නේ.
මෙම චිත්‍රපටයේ පළමු පෝස්ටරය පසුගිය 24 සඳුදා එළිදැක්වුණා. ඒ ප්‍රවීන නළු අනිල්ගේ උපන් දිනය ට සමගාමීවයි.
චිත්‍රපටය සඳහා රංගන දායකත්වය සැපයු නළු නිලියන් රැසක් ද මේ සඳහා එක් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එසේම ෂෙලී චොප්රාගේ අධ්‍යක්ෂණයක් වන “Ek Ladki Ko Dekha Toh Aisa Laga” හි නිළ පූර්ව ප්රචාරක පටය හෙට (27) දිනයේ දී ජනගත කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් පැවසෙනවා.
මිට වසර 24 කට පෙර තිරගත කළ, අනිල් කපුර්ගේ වඩාත් ජනප්‍රියත්වයට පත් “1942: අ ලව් ස්ටෝරි” චිත්‍රපටයට සම්බන්ධකම් කියන මෙම සිනමාපටය එළඹෙන වසරේ පෙබරවාරි 1 වැනිදා තිරගත කිරීමට නියමිත යි.