මංජුල වෙඩිවර්ධන, සුනේත්රා රාජකරුණානායක සහ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද
මෙරට පාඨකයා අතර ප්රකට කතුවරු තිදෙනෙක් වන මංජුල වෙඩිවර්ධන, සුනේත්රා රාජකරුණානායක සහ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද රචිත නවකතා ත්රිත්වයක් දෙසැම්බර් 29 වැනිදා එළිදැක්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ඒ අනුව මංජුල වෙඩිවර්ධනගේ “පැරිස් වලාකුළු”, සුනේත්රා රාජකරුණානායකගේ “මියුරු හඬ” සහ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්දගේ “ඈත දුර ඈත” කළුබෝවිල සුනන්දාරාම පාරේ පිහිටි විදර්ශන කාර්යාලයේ දී ජනගත කිරීමට නියමිත ය.
කෘතී ත්රිත්වයම විදර්ශන ප්රකාශන ලෙසින් එළිදකියි.
සම්මානලාභී ලේඛිකා සහ පරිවර්තිකා සුනේත්රා රාජකරුණානායක මින් පෙර ලියූ “ජයන්” නවකතාව මේ වසර මුලදී ජනගත කරන ලදී.
මංජුල වෙඩිවර්ධනගේ “බත්තලංගුණ්ඩුව”, “මගේ ආදරණිය යක්ෂණි” සහ පසුගිය ඔක්තෝබරයේ සහෘද ගත කළ “ඒ අහඹු අතීත හැන්දෑව” පාඨක-විචාරක නොමද අවධානය දිනාගත් නවකතා වන අතර “පැරිස් වලාකුළු” ඔහුගේ සිව්වැනි නවකතාව යි.
“ඈත දුර ඈත”, පරිවර්තිකාවක ලෙසින් නමක් දිනූ ගංගා නිරෝෂිනී සුදුවැලිකන්දගේ දෙවැනි ස්වතන්ත්ර නවකතාව වේ.