බ්‍රිතාන්‍ය ලේඛිකා ඇන්ඩ්රීයා ලෙවි අභාවප්‍රාප්ත වෙයි
සම්මානිත බ්‍රිතාන්‍ය ලේඛිකා ඇන්ඩ්රීයා ලෙවි අභාවප්‍රාප්ත වී තිබේ.
ඇගේ පවුලේ ඥාතින් විසින් නිකුත් කළ නිවේදනයක් මඟින් දැනුම් දී ඇත්තේ පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් ඇය මියගිය බවයි.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව එංගලන්තයට සංක්‍රමණය වුණු ජැමෙයිකානුවන් දෙදෙනෙක් ගැන කියවෙන 2004 දී ලියූ Small Island සහ 2010 දී රචිත ඇන්ඩ්රීයාගේ අවසන් නවකතාව The Long Song පාඨකයා ආදරයෙන් වැළඳ ගත් කෘති ලෙස හැඳින්විය හැකි ය.
The Long Song කෘතිය මෑන් බුකර් සම්මානය සඳහා ද නිර්දේශ විය.
1956 දී උපත ලැබූ ඇය මියයන විට 62 හැවිරිදි වියේ පසුවිය.