මගේ ඡායාරුපයක්වත් ඡන්දයට ගන්න එපා යි රජිනි කාන්ත් කියයි
දමිල සිනමාවේ සුපිරි තරුව රජිනි කාන්ත් මීළඟ ඉන්දීය මහ මැතිවරණයට තරග නොකරන බවත් කිසිදු පක්ෂයකට සහාය ලබා නොදෙන බවත් ප්‍රකාශ කර තිබේ.
17 ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ “කිසිදු පක්ෂයකට මම සහාය නොදෙමි. එසේම මගේ ඡායාරූප හෝ මගේ පක්ෂයේ ලකුණ සිය ඡන්ද ව්‍යාපාර සඳහා කිසිදු පක්ෂයක් යොදා නොගත යුතුයි,” යනුවෙනි.
එසේම ශක්තිමත් රජයක් පිහිටුවාලිය හැකි සහ තමිල්නාඩු ජල ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදිය හැකි පක්ෂයකට ඡන්දය ලබා දෙන මෙන් ද ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
68 හැවිරිදි වියේ පසුවන රජිනි කාන්ත් දේශපාලනයට පිවිසෙන බව ප්‍රකාශ කළේ පසුගිය වසරේ දෙසැම්බර් මස දී ය.