ඔස්කාර් උළලේ කප්පාදුව අත්හිටුවයි
ලෝක ප්රකට ඔස්කාර් සම්මාන උළලේ සජීවී රූපවාහිනී විකාශනයේ වෙළඳ දැන්වීම් ප්රචාරණය අතරතුර සම්මාන හතරක් ලබා දීමට ගත් තීරණය ක්ෂේත්රය තුළ දැඩි විවේචනයට ලක් වීම නිසා එම තීරණය ආපසු හැරවීමට උළලේ සංවිධායකයින් පියවර ගෙන තිබේ.
පෙබරවාරි 24 පැවැත්වීමට නියමිත සම්මාන උළලේ රූපවාහිනී සජීවී විකාශන කාලය සීමා කිරීමේ අරමුණින් හොඳම කැමරා අධ්යක්ෂණය, සංස්කරණය,කෙටි චිත්රපටය, වේශ නිරූපනය සහ කොණ්ඩා සැකසුම් යන අංග කප්පාදු කිරීමට ඇකඩමිය මින් පෙර තීන්දු කර තිබුණි.
මෙම තීරණය සිනමාවේදීන්, කැමරා අධ්යක්ෂවරුන් මෙන්ම රංගන ශිල්පින් විශාල පිරිසකගේ විවේචනයට ලක්විය.
ප්රතිචාරවලට කන්දිමෙන් පසුව සිය අදහස වෙනස් කරගත් බව සංවිධායකයෝ පවසති.
ඒ අනුව Academy of Motion Picture Arts and Sciences නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ “අපගේ සම්ප්රදායික ආකෘතියට අනුව සියලුම ඇකඩමි සම්මාන සංස්කරණයෙන් තොරව විකාශනයට නියමිත යි,” යනුවෙනි.
සබැඳි පුවත්
ඔස්කාර් උළලේ කප්පාදුව ප්රවීන සිනමාවේදීන් හෙළා දකියි