අභිෂේකා කලාව අත්හරියි
අභිෂේකා විමලවීර කියන්නේ මෑත කාලීනව මෙරට සංගීත ක්ෂේත්රය තුළ කතා බහට ලක්වූ ගීත කිහිපයකම නිර්මාණකාරිනියක්.
ගායන ශිල්පිනියක, නිවේදිකාවක, පද රචිකාවක ලෙස ක්ෂේත්රය තුළ නමක් දිනාගත් ඇය කලා කටයුතු වලින් බැහැර වීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.
නැසීගිය ප්රවීන ගීත රචක සුනිල් විමලවීරයන්ගේ දියණිය වන අභිෂේකා සිය මුහුණු පොතේ සටහනක් තබමින් මේ බව ප්රකාශ කර තිබුණා.
එම සටහන පහතින්,
“සියලු කලා කටයුතු වලින් බැහැර වන්නට තීරණය කළෙමි.තාත්තාගේ හීනය පමණක් හැබෑ කරවීමට වෙර දරමි.
මෙතෙක් කල් මාගේ නිර්මාණ අගයමින් මා දිරි ගැන්වූ මටත් වඩා මාගේ හඩට ආදරය කළ ඔබට අනේක වාරයක් ස්තූතියි.
අභිෂේකා විමලවීර!”