“නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල
මෙම සම්මාන උළේ විශේෂත්වය වී තිබුණේ ඕනෑම නවක ලේඛයකු හෝ ලේඛිකාවක කුලුඳුලේ රචනා කළ නවකතාව, කෙටිකතා සංග්‍රහය හෝ හෝ කාව්‍ය සංග්‍රහය පමණක් අදාළ තරගයට ඉදිරිපත් කිරීම ය.
සංස්කෘතික කටයුතු අධ්යක්ෂ අනූෂා ගෝකුල මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙලේ දී යට සඳහන් කළ ආකාරයට සිය කුලුඳුල් කෘතිය සඳහා ලේඛක ලේඛිකාවෝ සිවු දෙනකු සම්මාන, කුසලතා සහතික සහ මුදල් ත්‍යාග හිමි කරගත්හ.
එහි දී හොඳම කාව්‍ය සංග්‍රහයට හිමි සම්මානය සහ රුපියල් 25,000.00 මුදල් ත්‍යාගය දිනාගත්තේ ‘‘පුරඟන කවිය’’ නමැති කාව්‍ය සංග්‍රහය රචිත රෝහිත විජයකෝන් විසිනි.
කුළුඳුල් නවකතා අංශයේ නවකතා දෙවන ස්ථානය සහ රුපියල් 15,000.00ක මුදල් ත්‍යාගය දිනාගත්තේ ‘‘අනුසය ආසව’’ නවකතාව රචිත වී. කිරිබත්ගොඩගේ විසිනි.
කුළුදුල් නවකතා අංශයේ තෙවන ස්ථානය සහ රුපියල් 10,000.00ක මුදල් ත්‍යාගය දිනාගත්තේ ‘‘විලක්කු’’ නවකතාව රචිත රෝහිණි ජයන්ති ලියනගේ විසිනි.
කුළුඳුල් නවකතා අංශයේ නවකතා පළමු ස්ථානය සහ රුපියල් 25,000.00ක මුදල් ත්‍යාගය දිනාගත්තේ ‘‘මතු බුදු වෙයි යශෝධරා’’ නවකතාව රචිත රෝහිත විජයකෝන් විසිනි. මෙම සම්මාන උළෙලේ දි හොඳම කාව්‍ය සංග්‍රහය සහ හොඳම නවකතාවට හිමි සම්මාන ද්විත්වයම එක් ලේඛකයකු විසින් දිනාගනු ලැබීම විශේශත්වයකි.
ඊටත් වඩා විශේෂත්වයක් මෙම සම්මාන උළෙලේ දී සිදුවිය. එනම් දැනට මරණ දඬුවමට ලක්ව මේ වන විට දහඅට වසරක් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකු ලෙස කල් ගෙවන ලේඛකයකු කුළුඳුල් නවකතා අංශයේ දෙවන ස්ථානය සහ රුපියල් 15,000.00ක මුදල් ත්‍යාගය දිනාගැනිම ය. ඒ, ‘‘අනුසය ආසව’’ නමැති නවකතාව රචනා කළ වී. කිරිබත්ගොඩගේ ලේඛකයා ය.
වැරැදි කරන්නේ ද ඒ සඳහා දඬුවම් ලබන්නේ ද මිනිස්සු ය. එහෙත් ඔවුන් මිනිස්සු ලෙස නොසලකා හැරීම තුළ ඔවුහු තව තවත් වැරැදි දෙසෙට ම යොමුවන්නාහ. සිය ජයග්රහණයෙන් අනතුරුව අදහස් දැක් වූ වී. කිරිබත්ගොඩ ලේඛකයා පවසා සිටියේ හෙතෙම පොත් කියැවීමට පෙර උදාවන හැම දවසක් පිළිබඳව ම පහළ වූයේ කාලකණ්ණි සිතුවිලි බවත්, එහෙත් පොත් කියැවීම හුරු වී, ඔහු එයට ඇබ්බැහි වීමෙන් අනතුරුව එළඹෙන හැම දවසක් ම ඔහුට දැනුණේ නැවුම් දවසක් ලෙස බවයි.
එම රැඳවියා අද ජයග්රාහි ලේඛකයකු බවට පත්වන්නේ එබඳු තත්ත්ව අවම කිරීම සඳහා බන්ධනාගාර පුනරුත්ථාපන අංශය විසින් දියත් කරන ලද එක් මෙහෙවරක ප්‍රතිඵලයක් ලෙස ය. බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ලියනගේ මහතා සිය කතාවේ දී සඳහන් කළ අන්දමට වී. කිරිබත්ගොඩ ලේඛකයා මේ වන විට බන්ධනාගාර පුස්තකාලයේ තිබෙන පොත් සියල්ල ම කියවා අවසන් කර ඇති අතර ඇතැම් කෘති කිහිප වතාවක් ම කියවා ඇත. එබදු පුද්ගලයෝ කියැවීමට නැඹුරු කිරීම වෙනුවෙන් වෙසෙ මහන්සි වන බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) චන්දන ලියනගේ මහතාට ස්තුතිවන්ත විය යුතු ය.
පසුගිය වසරේ මෙන් ම මෙවර ද කෙටිකතා අත්පිටපත් කැඳවා තිබුණ ද ප්‍රකාශයට පත් කිරීමට තරම් හෝ සුදුසු කෙටිකතා සංග්‍රහයක් නොතිබුණු බැවින් එම අංශය සඳහා කිසිදු ත්‍යාගයක් හිමි කරගැනීමට කිසිවකු අසමත් වූහ.
මෙවර ද විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින්: කාව්‍ය සඳහා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, නවකතා සඳහා ප්‍රවීණ මාධ්‍යවේදී, විචාරක සුලෝචන වික්‍රමසිංහ සහ කෙටිකතා සඳහා ලේඛක සහ විචාරක විකුම් ජිතේන්ද්‍ර යන මහත්වරු සම්බන්ධ වී තිබුණි.
2019 වසර සඳහා අත්පිටපත් බාරගැනීම ද මේ වනවිට අරඹා ඇති බව තරග සංවිධායකයෝ පැවසු අතර එහි අවසාන දිනය 2019 මැයි 30වන දින බව ද එහි දි සිහිපත් කළහ. ඔබගේ කුලුඳුල් අත්පිටපත නුගේගොඩ නාවල පාරේ නිර්මාණ මාවතේ අංක 227/30 දරන ස්ථානයේ පිහිටි නැණිල ප්‍රකාශන ආයතනය වෙත ගෙනවිත් හෝ තැපැල් මගින් එවිය හැකි ය.
පරිගනක යතුරු ලියනය කළ පිටපතක් නම් අදාළ පිටපත අයදුම්පත සමග තැපෑලෙන් එවා එහි විද්‍යුත් පිටපත This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට එවිය හැකි ය.
උපුටා ගැනීම: sis.lk