“එයාර් වුල්ෆ්” ටෙලි මාලාවේ ස්ට්රින්ග්ෆෙලෝ හෝක් දිවියෙන් සමුගනියි
80 දශකයේ අතිශය ජනප්‍රිය ඇමරිකානු ටෙලි මාලාවක් වන “එයාර් වුල්ෆ්” හි ස්ට්රින්ග්ෆෙලෝ හෝක්ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පී ජැන් මයිකල් වින්සන්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
උතුරු කැරොලිනා හි පිහිටි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට ඔහුගේ වයස අවුරුදු 73 කි.
හදිසි හෘදයාබාධ තත්වයක් මයිකල්ගේ මරණයට හේතු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Big Wednesday, Hard Country යන සිනමා නිර්මාණ වෙනුවෙන් රංගන දායකත්වය සැපයු මයිකල් Going Home(1971) චිත්‍රපටය සහ Winds of War ටෙලි මාලාවේ රංගනය උදෙසා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන සඳහා නිර්දේශ ලැබී ය.
එයාර් වුල්ෆ් ටෙලි මාලාවේ ස්ට්රින්ග්ෆෙලෝ හෝක් චරිතය නිසා ඔහු වැඩි ජනප්‍රියත්වයක් අත් කරගත්තේ ය..