ලෝක පූජිත ගත්කතුවර ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්ගේ විශිෂ්ට නවකතාවක් ලෙස සැලකෙන “One Hundred Years of Solitude” කෘතිය ඇසුරින් ටෙලි මාලාවක් නිර්මාණය කිරීමට නෙට්ෆ්ලික්ස් නිෂ්පාදන ආයතනය සුදානම් වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
1967 දී පළ වූ මෙම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී නවකතාව පළමු වරට තිරයට ගෙන එන අවස්ථාව ඒ අනුව මෙය වේ.
කෘතිය ස්පාඥ භාෂිත ටෙලි මාලාවකට නගන බවත් එහි රූපගත කිරීම් නොබෙල් සම්මානලාභී ලේඛකයාගේ මව්රට වන කොලොම්බියාවේ සිදු කරන බවත් නෙට්ෆ්ලික්ස් පසුගියදා නිවේදනය කර ඇත. එසේම ගාර්සියා මාර්කේස්ගේ පුතුන් දෙදෙනා වන රොඩ්රිගෝ ගාර්සියා සහ ගොන්සාලෝ ගාර්සියා විධායක නිෂ්පාදකවරු ලෙස මේ සඳහා දායකත්වය ලබා දීමට නියමිත ය.
ඉන්ද්‍රජාලික යථාර්ථවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසින් සැලකෙන “One Hundred Years of Solitude” තිරයට ගැනීම සඳහා අයිතිය ලබා ගැනීමට නෙට්ෆ්ලික්ස් ආයතනයට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබේ.
භාෂා 46 කට පරිවර්තනය කර ඇති “One Hundred Years of Solitude” හි පිටපත් මිලියන 47ක ප්‍රමාණයක් ලොව පුරා අලෙවි වී ඇති බවට ගණන් බලා තිබේ. එය “සියක් වසක හුදකලාව” ලෙසින් සිංහලයට නගා ඇත්තේ අබේ දිසානායක සහ පසන් කොඩිකාර විසිනි.