ජනප්‍රිය ගායිකා ජෙනිෆර් ලෝපේස් විවාහ ගිවිස ගනියි
ප්‍රකට ගායිකාවක, රංගන ශිල්පිනියක සහ නිෂ්පාදිකාවක වන ජෙනිෆර් ලෝපේස් හිටපු ඇමරිකානු බේස්බෝල් ක්‍රීඩක ඇලෙක්ස් රොඩ්රිගේස් සමඟ විවාහ ගිවිසගෙන තිබේ.
ජේ ලෝ(J-Lo) සහ ඒ රොඩ්(A-Rod) නමින් බොහෝ දෙනා හඳුනන මේ යුවළගේ ආදර කතාව ආරම්භ වුයේ මින් වසර දෙකකට පමණ පෙර ය.
විවාහ ගිවිසගත් මුදුව දැක්වෙන ඡායාරූපයක් ලෝපේස් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කර ඇති අතර රොඩ්රිගේස් ද එම ඡායාරූපයම සිය ට්විටර් ගිණුමෙහි පළ කරමින් “ඇය කැමැත්ත ප්‍රකාශ කළා,” යනුවෙන් සටහනක් ද එක් කර තිබේ.
රූපවාහිනී විස්තර විචාරකයෙක් ලෙස මේ වනවිට කටයුතු කරන රොඩ්රිගේස් පසුගිය වසරේ දී හෙළි කර සිටියේ තමන් ජෙනිෆර් ලෝපේස්ගේ දිගු කාලින රසිකයෙක් බව යි.
මෙය ජේ ලෝගේ සිව් වැනි සහ රොඩ්රිගේස්ගේ දෙවැනි විවාහය වනු ඇත. විවාහ මංගල්‍යය පවත්වන දිනය මෙතෙක් ප්‍රකාශයට පත් කර නැත.