Wonder Woman ඊශ්රායල් අගමැතිගේ ප්රකාශයකට එරෙහි වෙයි
ඊශ්රායලයේ වෙසෙන ආරාබි සුළුතරය පිළිබඳ එරට අගමැති බෙන්ජමින් නෙතන්යානු කළ ප්රකාශයකට එරෙහිව Wonder Woman චරිතයට පණ පෙවූ Gal Gadot සිය හඬ අවදි කර තිබේ.
එළඹෙන මැතිවරණ සමය සමඟ ඊශ්රායල් ආරාබි පාර්ශවයන්ට මුහුණ දීමට සිදුවන ගැටුම්කාරී තත්වයන් හමුවේ ඊශ්රායල් රංගන ශිල්පිනිය පවසා ඇත්තේ “තමන්ට ආදරය කරන්නා සේම තම අසල්වැසියා ට ද ආදරය කරන්න,” යනුවෙනී.
ඊශ්රායල ජනගහණයෙන් 20%ක් වන අරාබිවරුන් ගැන සඳහන් කරමින්, ඊශ්රායලය එහි වෙසෙන සියලු පුරවැසියන්ට අයත් රාජ්යක් නොවේ යැයි අගමැති පසුගිය දිනක ප්රකාශ කර තිබුණි. ජාතික රාජ්ය නීතියක් ගෙන දක්වමින් ඔහු කළ මෙම ප්රකාශය දැඩි ආන්දෝලනයකට තුඩු දුන්නේ ය.
රට තුළ ජාතික ස්වයං නිර්ණ අයිතිය සඳහා යුදෙව්වන්ට පරම අයිතියක් ඇති බවත් නිළ භාෂාව ලෙස හීබෘ බස අරාබි බසට පූර්ව යෙදිය යුතු බවත් සඳහන් පනතක් එරට පාර්ලිමේන්තුව පසුගිය වසරේ ජූලි මසදී සම්මත කරගත් අතර එම පනත මෙම ගැටුම්වලට හේතු වී තිබේ.