සරත් කුලාංගගේ “ඊගාව ගේ” වේදිකාවට
සරත් කුලාංගගේ නවතම වේදිකා නිර්මාණය “ඊගාව ගේ” මංගල දර්ශනය මාර්තු 15 වැනිදා එනම් හෙට දින බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හිදී පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 3.30 සහ 6.45 දර්ශන වාර ලෙසිනි.
සරත් කුලාංග, තිලක් කුමාර, අංජුලා රාජපක්ෂ, ධනුෂ්කා රත්නායක සහ මල්කි ප්රනාන්දු මේ සඳහා රංගන දායකත්වය සපයති.
“ඊගාව ගේ” ජනප්රිය ජයසිංහ සහ චින්තක පීරිස් රචනා කොට ඇති අතර සංගීතය ගයාන් ගණකධාර විසිනි.