සංගීතවේදී දයාරත්න රණතුංගයන් වෙත උපහාර පිදේ
සවන රැඳී ගීත රසික සංසදය විසින් වාර්ෂිකව සංවිධාන කරනු ලබන ගී ප්රසංගය මෙවර “නොව පැරණිය ගී රමණිය” නමින් පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.
එය එළඹෙන 17 වැනිදා සවස 3 ට කොළඹ 7 බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතන ශ්රවනාගාරයේ දී පැවැත්වේ.
මෙම සංගීත ප්රසංගයට සමගාමිව මෙරට ගීත කලාවේ උන්න්නතිය උදෙසා හරවත් මෙහෙවරක යෙදුණු කලාකරුවන් වෙත උපහාර පිදීම ද සිදු කෙරේ.
ඒ අනුව මෙවර ප්රසංගයේ දී උපහාර පිදෙන්නේජ්යෙෂ්ඨ සංගීතවේදී දයාරත්න රණතුංගයන් වෙත ය.
නොමිලේ පැවැත්වෙන මෙම ප්රසංගය නැරඹීමට පැමිණෙන ලෙස සංවිධායක සංසදය රසික පිරිස්වලින් ඉල්ලා සිටියි.