2019 සන්ථව කාව්‍ය විචාර තරගයට විචාර භාර ගැනේ
සන්ථව කාව්‍ය විචාර තරගය 2019 සඳහා විචාර භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
2019 කාව්‍ය විචාර සම්මානයට අදාලව විචාරයට ලක් කල යුත්තේ පෙර වසරේ, එනම් 2018 වසරේ ප්‍රකාශයට පත් වූ කාව්‍ය කෘතීන් ය. ඒ අනුව 2018 වසරේ ප්‍රකාශිත එක් කවි පොතක් තෝරා ගෙන ඒ ඔස්සේ ඕනෑම විචාර පදනමකට අනුව ලියන ලද විචාර ජූනි 30 වැනිදාට පෙර යොමු කළ හැකි ය.
තරගය සඳහා විවෘතව පාසල් මට්ටමින්, විශ්ව විද්‍යාල මට්ටමින් හෝ බාහිර ඕනෑම අයෙකුට විචාර ඉදිරිපත් කිරීමට හැකියාව ලැබේ.
එක් විචාරයක් සඳහා 2018 විශිෂ්ටම විචාරය සඳහා සන්ථව කාව්‍ය විචාර සම්මානය හිමි වන අතර තවත් ප්රශස්ත මට්ටමේ විචාර දහයක් උදෙසා වටිනා සහතික සහ තිලිණ පිරිනමන බවත් එම ජයග්‍රාහී විචාර සහ 2018 වසරේ ප්‍රකාශිත නූතන ම සිංහල කවිය පිළිබඳ තුලනාත්මක විචාර නිබන්ධනය කෘතියක් ලෙස ජනගත කෙරෙන බවත් සංවිධායකයෝ ප්‍රකාශ කරති.