පළමු වරට ජාත්‍යන්තර අභිරූපණ උළෙලක් නියෝජනය කිරීමේ වරම් ක්‍රිෂාන්ත ජයබාහුට
ශ්‍රී ලාංකේය අභිරූපණ ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර අභිරූපණ උළෙලක් නියෝජනය කිරීමට ක්‍රිෂාන්ත ජයබාහුගේ “ඇයි අවුල් ද?” වේදිකා නාට්‍ය සමත් වී ඇත. ඒ අනුව එළඹෙන 24වැනිදා සිට මාර්තු 30වැනිදා දක්වා ඉන්දියාවේ කොල්කටාහිදී පැවැත්වෙන 2019 ඉන්දියානු ජාත්‍යන්තර අභිරූපණ උළෙලේදී (Indian International Miming Festival) මාර්තු මස 22දිනට යෙදෙන ‘ලෝක අභිරූපණ දිනය’ පදනම් කරගෙන ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ‘ඇයි අවුල් ද?’ වේදිකා නාට්‍ය සමත් වනු ඇත.
2016 ජාතික යෞවන සම්මාන උළෙලේදී සහ රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන රැසක් දිනා ගන්නා ලද ‘ඇයි අවුල් ද?’ වේදිකා නාට්‍ය, රාජ්‍ය නාට්‍ය උළෙලේ දී අභිරූපණ අංශයෙන් හොඳම වේදිකා නාට්‍ය අධ්‍යක්ෂණය, හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම නාට්‍ය පිටපත, හොඳම නාට්‍ය වේදිකා පරිපාලනය, හොඳම සංගීත අධ්‍යක්ෂණය සහ හොඳම නළුවා දෙවැනි ස්ථානය ද, එම වසරේ දීම පැවති 2016 ජාතික යෞවන සම්මාන උළෙලේ දී හොඳම නාට්‍ය නිෂ්පාදනය, හොඳම නාට්‍ය පිටපත දෙවැනි ස්ථානය, හොඳම නළුවා, හොඳම නාට්‍ය වේදිකා පරිපාලනය හොඳම රංග වින්‍යාසය යන සම්මාන ද දිනා ගත්තේ ය.
ඒ අනුව ක්‍රිෂාන්ත ජයබාහු, ප්‍රදීප් රාමවික්‍රම, ජැනට් ඇන්තනි, ජනිත් කාරියවසම්, ශිරාන් ලක්ෂිත සහ නාමල් බණ්ඩාර යන ශිල්පින් ඉන්දියානු ජාත්‍යන්තර අභිරූපණ උළෙල නියෝජනය කරනු ඇත.
මාලන් විදානපතිරණ
අද