නවසීලන්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට ජනප්‍රිය තරු ආධාර දෙති
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත් පවුල්වලට ආධාර පිණිස පිහිටවූ අරමුදලක් වෙනුවෙන් ලොව ප්රමුඛ පෙලේ කලාකරුවන් දහස් ගණනින් මුල්‍යමය පරිත්‍යාග සිදු කර තිබේ.
ඒ අතර ජනප්‍රිය ගායිකා මැඩෝනා සහ ජනප්‍රිය ඇමරිකානු රංගන ශිල්පී බෙන් ස්ටිලර් ද වේ.
ඇමරිකානු ඩොලර් 100,000 ඉලක්කයක් සමඟ ආරම්භ කළ GoFundMe නම් අරමුදලට ඩොලර් 77,000 වැඩි මුදල් ප්‍රමාණයක් මේ එනවිට ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රංගන ශිල්පී බෙන් ස්ටිලර්, සිනමාවේදී ජූඩ් ඇපටෝ සහ රංගන ශිල්පී ඈෂ්ටන් කට්චර් ඩොලර් දහස බැගින් පරිත්‍යාග කර තිබේ. ප්‍රහසන ශිල්පී ක්‍රිස් රොක් ඩොලර් 5000ක් සහ මැඩෝනා ඩොලර් 10,000 ක් ලෙස මුදල් පිරිනමා ඇත.
“එම පවුල්වලට සහ ජනතාවට ආධාර උපකාර සපයන සංවිධානයකට මෙම සියලු අරමුදල් ලබා දීමට අපි කටයුතු කරනවා,” යනුවෙන් මෙම අරමුදල පිහිටවීමට මුල් වූ මැඩෝනාගේ කළමනාකරු ගයි ඔසේරි ප්‍රකාශ කර තිබේ.