ගින්නෙන් උපන් සීතල ආදායම ලක්ෂ හයසියය ඉක්මවයි
සිනමාවේදී අනුරුද්ධ ජයසිංහගේ නවතම සිනමා අධ්යක්ෂණය වන “ගින්නෙන් උපන් සීතල” තිරගත වීම ආරම්භ කර පසුගිය 18 වැනිදා වනවිට දින හැටක් සම්පූර්ණ විය.
ලොව සුපතල ඔස්කාර් සම්මාන උළෙලේ ප්රධාන සම්මාන කාණ්ඩයට ඇතුලත් වීමට සුදුසුකම් ලත් පළමු ශ්රී ලාංකේය සිනමා කෘති ද්විත්වය අතරට ඇතුලත් මෙම චිත්රපටය මේ වන විට ලක්ෂ හයසියයක් ඉක්ම වූ ආදායමකට හිමිකම් කීමට සමත්ව ඇති බව සරසවිය පුවත්පත වාර්තා කරයි.
රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ ගින්නෙන් උපන් සීතල චිත්රපටයේ රෝහණ විජේවීරයන්ගේ චරිතයට ප්රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි විසින් පණ පොවා ඇති අතර දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුලෝචනා වීරසිංහ, විශ්වජිත් ගුණසේකර ඇතුළු රංගන ශිල්පීන් විශාල ප්රමාණයක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ. ගින්නෙන් උපන් සීතල චමත්කා පීරිස්ගේ නිෂ්පාදනයකි.