රාජ්‍යයට අවමන් කළැයි ප්‍රකට ඊජිප්තු ලේඛකයාට නඩු
ඊජිප්තු ජනපතිට, සන්නද්ධ හමුදාවලට සහ අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල කරමින් එරට හමුදා නීතිඥයින් විසින් තමන්ට එරෙහිව නඩු පවරා ඇති බව ප්‍රකට කතුවර අලා අල් අස්වානි ප්‍රකාශ කර තිබේ.
ඇමරිකා එක්සත් ජනපදයේ දිවි ගෙවන අස්වානි පවසන්නේ The Republic, As If නම් ඔහු රචිත අවසන් ග්‍රන්ථය මුල් කරගනිමින් මෙම නඩු පැවරීම සිදු කර ඇති බවයි. එම කෘතිය පසුගිය වසරේ දී ප්‍රකාශයට පත් කළ අතර එය ඊජිප්තුව තුළ තහනම් කෙරුණි. එරට රාජ්‍ය ආයතන, පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව සහ අධිකරණය විවේචනයට ලක් කරමින් The Republic, As If ලියවී ඇත.
අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදෙන ඊජිප්තු ව්‍යවස්ථාවේ 65 වැනි වගන්තිය “පැහැදිලි ලෙස උල්ලංඝනය” කිරීමක් බව පවසමින් කතුවරයා මෙම නඩු පැවරීම හෙලා දැක තිබේ.
අලා අල් අස්වානි 2002 දී ප්‍රකාශයට පත් කළ The Yacoubian Building නම් කෘතිය භාෂා 35කට පරිවර්තනය කර ඇති අතර එහි පිටපත් මිලියනයකට අධික සංඛ්‍යාවක් අලෙවි වී ඇත. ජනපති හොස්නි මුබාරක්ගේ පාලන සමයේ ඊජිප්තුවේ සිදුවූ දුෂණ අක්‍රමිකතා සහ සමාජ ගැටළු පිළිබඳ ගවේෂණාත්මක විවරණයක් එම කෘතිය මඟින් ගෙන හැර තිබුණි.