අශෝක හඳගම ගේ නවතම චිත්‍රපටය අසන්ධිමිත්තා අද සිට (මාර්තු 22) CEL, රිද්මා, කොළඹ සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා, EAP මණ්ඩලේ සිනමා හල්වල සීමිත දින ගණනකට ප්‍රදර්ශනය සඳහා නිදහස් වෙයි.
මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපාන නිල්මිණි සිගේරා පසුගියදා නිමාවට පත්වුණු ජපානයේ 14 වෙනි ඔසාකා ආසියානු සිනමා උළෙලේ විශිෂ්ටතම රංගනය සඳහා පිරිනැමෙන යකුෂි මුතු සම්මානය දිනාගනු ලැබුවා. කොරියාව, හොං-කොං, චීනය, ඉන්දියාව, ජපානය, වියට්නාමය, පිලිපීනය, තායිවානය යන රටවල විශිෂ්ට සිනමා කෘති රැසක් ඔසාකා ආසියානු සිනමා උළෙලේ තරඟකාරී අංශයට තේරී තිබුණි. අසන්ධිමිත්තා චිත්‍රපටය නිල්මිණිගේ ප්‍රථම සිනමා රංගනයයි.
නිල්මිණි සිගේරා, ධර්මප්‍රිය ඩයස්, ඩබ්. ජයසිරි, ශ්‍යාම් ප්‍රනාන්දු, යශෝධා විමලධර්ම, රුක්මල් නිරෝෂ්, අනුලා බුලත්සිංහල, ගයනි ගිසන්තිකා, සඳලි හඳගම, රිතිකා කොඩිතුවක්කු, ප්‍රදීප් රාමවික්‍රම,විදත් වීරකෝන් සහ අහස් දිසානායක රඟන අසන්ධිමිත්තා සරසවි සිනෙරූ වෙනුවෙන් එච්. ඩී. ප්‍රේමසිරිගේ නිෂ්පාදනයකි. අමල් අල්විස් සහාය අධ්‍යක්ෂණයෙන් ද මංජුල පෙරේරා නිෂ්පාදන කළමනාකරණයෙන් ද එක්වන මෙහි රේඛීය නිෂ්පාදනය ඉරන්ති අබේසිංහ ගෙනි. චන්න දේශප්‍රිය ගේ කැමරාකරණයෙන් ද, රවීන්ද්‍ර ගුරුගේගේ සංස්කරණයෙන් ද, කපිල පූගලආරච්චිගේ සංගීතයෙන් ද, දිනිඳු ජාගොඩගේ වර්ණ සංයෝජනයෙන් ද, නිසල් ගංගොඩගේගේ ශබ්ද සංකලනයෙන් ද නිමැවුණු අසන්ධිමිත්තා සරසවි සිනෙරූ ඉදිරිපත් කිරීමකි.