ලෝක නායකයන් “වියරුවෙන්, ද්වේශයෙන් සහ බොරුවෙන්” කටයුතු කරනවා.
ලෝක නායකයන් “වියරුවෙන්, ද්වේශයෙන් සහ බොරුවෙන්” කටයුතු කරන බව කාන්ස් සිනමා උළෙලේ ජූරි ප්රධානි අලෙහන්ද්රෝ ගොන්සාලේ චෝදනා කරයි.
ඊයේ (14) ප්රංශයේ දී ආරම්භ වුණු ලෝක ප්රකට කාන්ස් සිනමා උළෙලේ දී ඔහු මේ බව ප්රකාශ කර තිබේ.
එක්සත් ජනපද-මෙක්සිකානු දේශසීමා පවුරක් ඉදිකිරීමේ සංකල්පය ඇතුළු සංක්රමණ සම්බන්ධයෙන් පුරසාරම් දෙඩවීමෙන් තවත් ලෝක යුද්ධයකට මග පෑදෙන බව මෙක්සිකානු අධ්යක්ෂ අලෙහන්ද්රෝ චෝදනා කරයි.
“සිදු වෙමින් පවතින්නේ සහ ගැටලුව වන්නේ නොසලකා හැරීම යි.”
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ලෝකය දියවෙනවා... මේ නායකයෝ වියරුවෙන්, ද්වේශයෙන් සහ බොරුවෙන් පාලනය ගෙන යනවා. ප්රබන්ධ නිර්මාණය කරලා ඒවා සැබෑ දේවල් සහ සැබෑ කරුණු කියලා විශ්වාස කරන මට්ටමට මිනිස්සු පත් කරනවා,” යනුවෙන් ඔහු පැවසුවේ ය.
කාන්ස් උළෙලේ ආරම්භක සිනමාපටය ලෙස ජිම් ජාමුෂ්ගේ “The Dead Don’t Die” ප්රදර්ශනය කිරීමට පෙර ඔහු මෙසේ සිය අදහස් දක්වා තිබුණි.
“The Dead Don’t Die” ප්රදර්ශනය කෙරේ
කාන්ස් උළෙලේ ආරම්භක සිනමාපටය “The Dead Don’t Die” උළෙලේ ප්රදර්ශනයට සමගාමිව ප්රංශයේ සිනමාශාලා 600ක තිරගත කෙරුණි.
චිත්රපටයේ අධ්යක්ෂ ජිම් ජාමුෂ් සහ චිත්රපටයට රංගනයෙන් දායක වූ බිල් මුරේ, ක්ලෝඑ සෙවිග්නි, ටිල්ඩා ස්වින්ටන්, ඇඩම් ඩ්රයිවර්, සෙලිනා ගෝමස්, ලූකා සබාත් සිනමා උළෙලට ඊයේ (14) දින එක් වී සිටියහ.
72 වැනි වරට සංවිධාන කරන ලද කාන්ස් උළෙලේ තරගකාරී අංශයෙන් නිළ සුදුසුකම් ලත් සිනමාපට 21 කි.
උළෙල මැයි මස 25 වැනිදා දක්වා පවත්වනු ලැබේ.