“පෞර”ට කෙටි චිත්‍රපට භාර ගන්නා දින දීර්ඝ කෙරේ
“පෞර කෙටි චිත්‍රපට උළෙල 2019” සදහා කෙටි චිත්‍රපට භාරගැනීමේ කාලසීමාව ජුලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.
රට තුළ ඇතිවූ අයහපත් වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බව මැතිවරණ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක නිවේදනය කර ඇත.
ප්රජාතන්ත්රවාදය පිළිබඳ සමාජ කතිකාවක් ඇති කිරීමේ අරමුණින් මැතිවරණ කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යංශය හා කැලණිය සරසවිය එක්ව මෙම කෙටි චිත්‍රපට උළෙල සංවිධාන කෙරේ.