සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා අර්බුදය ගැන කතිකාව සහ සිනමා දැක්මක්
ලාංකේය සමාජය තුළ සංක්‍රාන්ති සමාජභාවී අනන්‍යතා අර්බුදය පිළිබඳ කතිකාවක් එළඹෙන ජූනි 13 වැනිදා සවස 4 ට පැවැත්වීමට නියමිත ය.
ඒ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 5 දී ය.
ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, වෛද්‍ය දයානාත් රණතුංග, ආචාර්ය ප්‍රභා මනුරත්න, කුමාරි වෙලගෙදර විද්වත් කතිකාවට එක්වෙන අතර එය මෙහෙයවීම සුදත් මහදිවුල්වැව විසිනි.
2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් භාෂිත සිනමාපටය ලෙසින් සම්මාන දිනූ සෙබෙස්තියන් ලෙලියෝගේ A Fantastic Women චිත්‍රපටය ද එදින ප්‍රදර්ශනය කෙරේ.