“විෂම භාග” ෂැන්හයි අන්තර්ජාතික සිනමා උළෙලේ සම්මාන දෙකකට නිර්දේශ වෙයි
22 වැනි ෂැන්හයි අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයක් සඳහා ලලිත් රත්නායකගේ නවතම සිනමා නිර්මාණය “විෂම භාග” නිර්දේශ වී තිබේ.
ආසියානු නව කුසලතා සම්මාන (Asian New Talent Award) යන කාණ්ඩය යටතේ නවක ළමා රංගන ශිල්පී පන්සිළු වික්‍රමරත්න හොඳම රංගන ශිල්පියා නිර්දේශ අතරටත්, අධ්යක්ෂ ලලිත් රත්නායක හොඳම තිර රචනය උදෙසා වූ නිර්දේශ අතරටත් ඒ අනුව එක් වී ඇත. ආසියානු නව කුසලතා සම්මාන ප්රදානෝත්සවය පැවැත්වෙන්නේ ජූනි 21 වැනිදා ය.
“විෂම භාග” සිනමාපටය 20 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 1.30 ට සිනමා උළලේ ප්‍රදර්ශනය කෙරේ.
ජූනි15 වැනිදා ආරම්භ කරන ලද ෂැන්හයි සිනමා සම්මාන උළෙල ජූනි 24 වැනිදා දක්වා චීනයේ පැවැත්වේ.
“විෂම භාග”
ජැක්සන් ඇන්තනි, හේමසිරි ලියනගේ, කෞශල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂිනි රත්නායක, පන්සිළු සහ පංකජ “විෂම භාග” චරිත සඳහා පණ පොවති.
ලලිත් රත්නායක තිර රචනයෙන් ද, පාලිත පෙරේරා කැමරා අධ්‍යක්ෂණයෙන් ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන් ද, චාමර රුවන්තිලක සංගීත අධ්‍යක්ෂණයෙන් ද, සම්පත් වන්නිආරච්චි කලා අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත පූර්ණවංශ වේශ නිරූපණයෙන් ද “විෂම භාග” සඳහා සිය දායකත්වය ලබා දී ඇත. මෙම චිත්‍රපටය නිෂ්පාදනය ශ්‍රද්ධා ෆිල්ම් විසිනි.