MTV සම්මාන උළෙලේ අවධානය ඇවෙන්ජර්ස් සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් පැහැර ගනියි
MTV සිනමා සහ රූපවාහිනී සම්මාන උළෙලේ ප්රමුඛ සම්මාන දිනා ගැනීමට ඇවෙන්ජර්ස්:එන්ඩ්ගේම් සිනමාපටය සහ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලි මාලාව පසුගියදා සමත් විය.
සම්මාන උළෙල 17 සඳුදා රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපද කැලිෆෝනියා හි දී පැවැත්වුණි.
වාර්තා පිට වාර්තා තැබූ මාවල් චිත්‍රපටයේ රොබට් ඩව්නි පණ පෙවූ අයන් මෑන් හොඳම සුපිරි වීරයා බවටත් ජෝෂ් බ්‍රොලින් පණ පෙවූ තානොස් හොඳම දුෂ්ටයා බවටත් එහිදී පත්විය.
“අ ස්ටාර් ඊස් බෝන්” සිනමාපටයේ රංගනය වෙනුවෙන් ලේඩි ගාගා ද “ද හෑන්ඩ්මේඩ්ස් ටේල්” ටෙලියේ රංගනය වෙනුවෙන් එලිසබෙත් මොස් ද හොඳම ඉදිරිපත් කිරීම් උදෙසා සම්මාන දිනාගත් හ.
රංගනය උදෙසා පිරිනමන MTV සම්මාන ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ලබාදීම ආරම්භ කළේ 2017 පටන් ය.
පසුගිය අප්‍රේල් මස දී ප්‍රදර්ශනය ආරම්භ කළ ඇවෙන්ජර්ස්:එන්ඩ්ගේම් අති විශාල සාර්ථකත්වයක් ලැබූ අතර එය එදා මෙදා තුර වැඩිම ආදායමක් ඉපයූ ඇවටාර් සිනමාපටයට පමණක් දෙවැනි විය. ජෝ ඇන්තනි හා එක්ව ඇවෙන්ජර්ස් අවසන් චිත්‍රපටයේ සම අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ ඇන්තනි රූසෝ එදින උළෙලේ දී හොඳම සිනමාපටය උදෙසා වූ සම්මානය ලබා ගත්තේ ය.
එසේම රිවර්ඩේල් සහ ද හෝන්ටින්ග් ඔෆ් හිල් හවුස් පරදමින් හොඳම ටෙලි මාලාව ලෙස MTV සම්මානයට පාත්‍ර වුයේ මෙම වසර මුල දී විකාශනය නිමා කළ ගේම් ඔෆ් ත්‍රෝන්ස් ටෙලිය යි.
MTV සම්මාන රාත්‍රියේ ජයග්‍රාහකයින් පහතින්,
Best show - Game Of Thrones
Best musical moment - A Star Is Born
Best villain - Thanos (Avengers: Endgame)
Best real-life hero - Ruth Bader Ginsburg (RBG)
Most frightened performance - Sandra Bullock (Bird Box)
Generation award - Dwayne 'The Rock' Johnson
Best host - Nick Cannon (Wild 'n Out)
Most meme-able moment - Colton Underwood jumps the fence (The Bachelor)
Reality royalty - Love & Hip Hop: Atlanta
Best fight - Captain Marvel vs Minn-Erva (Captain Marvel)
Best performance in a movie - Lady Gaga (A Star Is Born)
Trailblazer award - Jada Pinkett Smith
Best kiss - Noah Centineo and Lana Condor (To All The Boys I've Loved Before)
Best hero - Robert Downey Jr (Avengers: Endgame)
Best documentary - Surviving R Kelly
Best performance in a show - Elisabeth Moss (The Handmaid's Tale)
Breakthrough performance - Noah Centineo (To All The Boys I've Loved Before)
Best comedic performance - Daniel Levy (Schitt's Creek)
Best movie - Avengers: Endgame