ටෙලිනිස හෙට 25 සමරයි
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ 25 වැනි සංවත්සර උත්සවය හෙට (20) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත ය.
සංසදයේ ප්‍රවීන සාමාජිකයින් වන සිනමා අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස්, ආචාර්ය එඩ්වින් ආරියදාස, රංගන ශිල්පිනි අයිරාංගනී සේරසිංහ, රංගන ශිල්පිනි මාලනී ෆොන්සේකා, රංගන ශිල්පී රවින්ද්‍ර රන්දෙණිය, සංගීත අධ්යක්ෂ රෝහණ වීරසිංහ ඇතුළු කලාකරුවන්ගේ ප්‍රධානත්වයෙන් උළෙල එදින සවස 4 ට ආරම්භ කෙරේ.
එසේම ප්‍රවීන කලාකරුවන් කිහිපදෙනකු ටෙලිනිසට එක්වීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව මහාචාර්ය සුනිල් ආරියරත්න, රංගන ශිල්පිනි ශ්‍රියානි අමරසේන, තිර රචක කේ.බී. හේරත්, ප්‍රවීන කලා අධ්යක්ෂ දී.ග. සෝමපාල, රූපවාහිනී තාක්ෂණික ඉංජිනේරු රොහාන් පෙරේරා යන අයට සංසදයේ නව සාමාජිකත්වය හිමිවනු ඇත.
ගුණාත්මක ටෙලි නාට්‍ය කලාවක් උදෙසා වූ ටෙලිනිස ආරම්භ කරන ලද්දේ 1993 දෙසැම්බර් 7 වැනිදා ය.