“සිකුරු යෝගය” හෙට එළියට
බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “සිකුරු යෝගය” හෙට සිට (21) CEL මණ්ඩලයේ සිනමා ශාලා වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ වේ.
අප අතරින් සමුගත් රංගනවේදී විජය නන්දසිරි අවසන් වරට රඟපෑ චිත්‍රපටවලින් එකක් වන මෙහි සෙසු චරිත සඳහා ටෙනිසන් කුරේ, අනර්කලී ආකර්ෂා, රොඩ්නි වර්ණකුල, අනූෂා දමයන්ති, මහින්ද පතිරගේ, අමිල කරුණාරත්න, මේනකා ගාර්දි, ප්‍රේමදාස විතානගේ, දයා අල්විස්, බන්දුල විජේවීර, ගාමිණී අම්බලන්ගොඩ ඇතුළු නළු නිලියන් රැසක් පණ පොවති.
“සිකුරු යෝගය” කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න, කලා අධ්‍යක්ෂණය රන්ජිත් ද සිල්වා, සංස්කරණය අනුර බණ්ඩාර, සංගීතය නවරත්න ගමගේ / ප්‍රියනාත් රත්නායක / රවිහාන්ස් වැටකෙපොත, ගීත රචනය නිලාර් එම්. කාසිම්, ගීත ගායනය නිහාල් නෙල්සන් / ටෝනි හසන් / උපේඛා නිර්මාණි / හේමන්ති රණසිංහ / ගයනි පෙරේරා / සදුනි ස්වර්ණමාලී / සමන්තා රණසිංහ / උදාර පෙරේරා සහ රවිහාන්ස් වැටකෙපොත, අංග රචනය ගාමිණී කොස්තා, වර්ණ සංකලණය ආනන්ද බණ්ඩාර, සටන් අධ්‍යක්ෂණය ටෙඩී විද්‍යාලංකාර, නැටුම් නිර්මාණය ශාන් පෙරේරා, සහය අධ්‍යක්ෂණය හර්ෂණ වික්‍රමසිංහ, විධායක නිෂ්පාදනය වසත් චන්ද්‍රසිරි ගම්ලත්, තිර රචනය බර්මින් ලයිලි ප්‍රනාන්දු / සෝමපාල ලීලානන්ද / හර්ෂණ වික්‍රමසිංහ, සම නිෂ්පාදනය වසත් චන්ද්‍රසිරි ගම්ලත් / මාක් ඇන්ටනි ප්‍රනාන්දු / දමින්ද ඩයස්, නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය බර්මින් ලයිලි ප්‍රනාන්දු විසිනි.
හාස්‍ය රසය සපිරි මෙම චිත්‍රපටය පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි චිත්‍රපටයකි