“විජයබා කොල්ලය” අගෝස්තුවේ රිදී තිරයට
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමා කෘතිය “විජයබා කොල්ලය” එළඹෙන අගෝස්තු මස පළමුවැනිදා සිට තිරගත කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
ඩබ්.ඒ.ද සිල්වාගේ කෘතියක් ඇසුරින් නිර්මිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා පණ පොවන්නේ හේමාල් රණසිංහ, අශාන් ඩයස් සහ සෙනාලි ෆොන්සේකා ය. ප්‍රීති රන්දෙණිය, බුද්ධික ජයරත්න, අර්ඩ්ලි වෙදමුණි, චුලක්ෂි රණතුංග, මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, හාන්ස් බිලීමෝරියා, රයන් වැන්රෝයන්, ගැවින් ලුඩෝවයික්, ගයනා සුදර්ශනී ඇතුළු නළු නිළියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වී තිබේ.
චන්න දේශප්‍රිය කැමරා අධ්‍යක්ෂණයෙන්, බිමල් දුෂ්මන්තගේ කලා අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප්‍රිය ප්‍රධාන සහාය අධ්‍යක්ෂණයෙන්, නිමල් විජේසිරි සේනාධිර නිෂ්පාදන කළමනාකරණයෙන්, වෙනුක වික්‍රමආරච්චි ඇඳුම් නිර්මාණයෙන්, හර්ෂ මංජුල අංග රචනයෙන්, හරූන් ශයිඩින් කේෂාලංකරණයෙන්, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්, ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතයෙන්, සංඛ අබේසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන්, සුමුදු අමල්ක සටන් අධ්‍යක්ෂණයෙන්, විශ්වනාත් බුද්ධික කීර්තිසේන පරිගණක සජීවිකරණ අධ්‍යක්ෂණයෙන්,ෂෙහාන් කාවින්ද නිශ්චල ඡායාරූපකරණයෙන්, ඒ.ඩි. රන්ජිත් කුමාර නිෂ්පාදන හා මාධ්‍ය සම්බන්ධීකරණයෙන්, උමාරියා සිංහවංශසහ සනුක වික්‍රමසිංහ ගායනයෙන් ද “විජයබා කොල්ලය” සඳහා දායක විය.
නැසීගිය සිනමාකරු තිස්ස අබේසේකර තිර රචනයක් අනුව නිම වූ මෙම සිනමා සිත්තම එච්.ඩි. ප්‍රේමසිරි නිෂ්පාදනයකි.