"සුර කෙල්ලනේ ඈ නිදී "- ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි විජේබණ්ඩාර දිවියෙන් සමුගනී
ප්‍රවීන ගායනවේදිනි ඉන්ද්‍රානි විජේබණ්ඩාර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (23) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයනවිට ඇය 83 හැවිරිදි වියේ පසුවිය.
හුස්ම ගැනීමේ අපහසුතාවයක් නිසා මීට දින කිහිපයකට පෙර ඇය කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රවීන සංගීත අධ්යක්ෂවරයකු මෙන්ම ගායන ශිල්පියකු වූ දිවංගත සිසිර සේනාරත්නගේ බිරිඳ වූ ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායිකාවක ලෙස ජනහද රැඳී ගීත රැසක් මෙරට සංගීත ක්ෂේත්රයට දායාද කළා ය.
වෙසක් කැකුළු අතුඅග හිඳ, සුදු සඳ එළියේ, හොඳ හොඳ ළමයින් අපි වාගේ වැනි අදටත් ජනප්‍රිය ගීත රැසක හිමිකාරීනිය ඇය යි.
ඉන්ද්‍රානි විජේබණ්ඩාර ප්‍රවීන ගායනවේදිනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 27 බ්‍රහස්පතින්දා දින සිදු කිරීමට නියමිත යි.