එල්ටන් ජෝන් ප්‍රංශයේ ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ලෝක ප්‍රකට සංගීතවේදී එල්ටන් ජෝන් ප්‍රංශයේ ඉහළම සිවිල් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ අනුව Legion d'Honneur ගෞරව සම්මානය මෙම බ්‍රිතාන්‍ය ගායකයා වෙත පිරිනමා ඇත්තේ එලීසි මාලිගයේ පැවති උත්සවයක දී ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්රෝන් විසිනි.
LGBT ප්‍රජාව වෙනුවෙන් හඬක් නැගු කලාකරුවන් අතුරින් ප්‍රමුඛයෙක් සහ “විශිෂ්ට තනු නිර්මාපකයෙක්” ලෙස 72 හැවිරිදි එල්ටන් ජෝන් එරට ජනපති කාර්යාලය විසින් පැසසුමට ලක් කර ඇත.
එල්ටන් ජෝන්ගේ සංගීත දිවිය පාදක කරගනිමින් නිර්මාණය කළ “රොකට් මෑන්” සිනමාපටය ප්‍රදර්ශනය ආරම්භ කර මාසයක කාලයක් ගත වූ පසු මෙම ගෞරව සම්මානය ඔහුට හිමි විය.