“ටෝයි ස්ටෝරි” බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳියි
“ටෝයි ස්ටෝරි” සිනමාවලියේ නවතම චිත්‍රපටය, ඇනිමේෂන් ලොව බොක්ස් ඔෆිස් ආදායම් වාර්තා බිඳ දැමීමට සමත්ව තිබෙනවා.
ඒ අනුව ටෝයි ස්ටෝරි සිව්වැන්න ප්‍රදර්ශනය ආරම්භ කළ දින පටන් මේ වනතෙක් උපයා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 238ක්. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ මෙම සිනමාපටය ලතින් ඇමරිකානු රටවල සේම යුරෝපා රටවල ද සාර්ථකව තිරගත කෙරුණු බව යි.
කෙසේ වෙතත් චීනය තුළ ටෝයි ස්ටෝරි ප්‍රදර්ශනය කිරීමට යාමේ දී යම් ගැටළුකාරී තත්වයකට ද මුහුණ දී තිබු අතර එක්සත් ජනපදයේ ප්‍රදර්ශනයෙන් බලාපොරොත්තු වූ තරම් ආදායම උපයා ගැනීමට ද නොහැකි වී තිබුණි.
මෙම ඇනිමේෂන් සිනමා නිර්මාණය ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ජපානයේ ඇතුළු තවත් රටවල් කිහිපයක ප්‍රදර්ශනය කිරීමට නියමිත යි.
ටෝයි ස්ටෝරි හතරවැන්න එළිදැක්වූයේ එහි පළමුවැන්න තිරගත කර වසර 24කට පසුව යි.