“මරුකතර” වැඩ අවසන්
සරත් දික්කුඹුරගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණය “මරුකතර” මේ වනවිට වැඩකටයුතු අවසන් කර ඇති බව වාර්තා වෙනවා.
ලංකාවේ සිදුවුණු සත්‍ය සිදුවීම් කිහිපයක් අළලා නිර්මාණය කරන ලද මෙම සිනමා නිර්මාණයට ක්ලීටස් මෙන්ඩිස්, පාලිත සිල්වා, නිමල් පල්ලෙවත්ත, මාක් සැම්සන්, අජිත් ලොකුගේ, උදයන්ති කුලතුංග, රුක්ශානා දිසානායක, රත්නා සුමනපාල, සෙරින් එදරිසිංහ, තුෂාරි වේහැල්ල, ජයතිස්ස අතුලසිරි, ගාමිණි කුමාර, වින්ද්‍යා විජේසිංහ, රෙක්ස් කොඩිප්පිලි, කීර්ති රන්ජිත්, ජීවා රූපසිංහ ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී තිබෙනවා.
එච්.ආර්. ජෝතිපාලයන් 1983 දී පටිගත කරන ලද “සැරදේ ලෝවාසී” නම් ගීතය ද මෙම සිනමාපටයේ ඇතුලත් වන බවයි වාර්තා වන්නේ.
සරත් දික්කුඹුරගේම තිර රචනයක් අනුව නිමවුණු “මරුකතර” මංගල දර්ශන එළඹෙන මාසයේ ඉතාලියේ මිලානෝ නගරයේ දී පැවැත්වීමට නියමිත අතර මෙරට තුළ ප්‍රදර්ශනය කරනුයේ එළඹෙන වසරේ දී ය.