ශාහිඩ්ගේ අලුත්ම එක සල්මාන්ගේ වාර්තාව බිඳියි
බොලිවුඩ් නළු ශාහිඩ් කපූර්ගේ නවතම රංගනය “කබීර් සිං” ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් ඉන්දියාවේ තිරගත කෙරෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
සියලු විවේචන පරයමින්, ඔහුගේ රංගන දිවියේ හොඳම හිට් එකක් බවට මෙම සිනමා කෘතිය දැනටමත් පත්වී හමාරයි.
සඳුදා දින පමණක් ආසන්න වශයෙන් ඉන්දීය රුපියල් කෝටි 17 ක ආදායමක් ලද කබීර් සිං මේ වනවිට උපයා ඇති සමස්ත ආදායම රුපියක් කෝටි 87ක් බවයි එරට බොක්ස් ඔෆිස් වාර්තාවල සඳහන් වන්නේ.
“කබීර් සිං” වාර්තා බිඳියි
එසේම, 2017 දී නිමවූ “අර්ජුන් රෙඩ්ඩි” නම් තෙලිඟු සිනමාපටයේ ප්‍රති නිර්මාණයක් වන “කබීර් සිං” 2019 වසරේ සතිඅන්ත ඉරිදා දින ඉහළම ආදායමක් ලද චිත්‍රපටය ලෙස වාර්තා අතරට එක්වුණා. ඒ ඉන්දීය රුපියල් කෝටි 28 කට ආසන්න ආදායමක් ලබමින්.
ඒ අනුව ඔවුන් බිඳ හෙලීමට සමත් වුයේ සල්මාන් ඛාන් රඟපෑ භාරත් චිත්‍රපටය තැබූ වාර්තාව යි.
එසේම “කබීර් සිං” ප්‍රදර්ශනය ආරම්භ කර දින 5 සම්පුර්ණ වනවිට ආදායම රුපියල් කෝටි 100 ඉක්මවනු ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කරනවා.