“ඉත්තෝ” අදින්නට පෙර සිතන්න: සුනෙත් මාලිංගගේ වැඩක් ජූලි 1 වැනිදා සිට
සුනෙත් මාලිංග ලොකුහේවා ගේ නවතම ටෙලි අධ්‍යක්ෂණයක් වන “ඉත්තෝ” එළඹෙන ජූලි 1 වැනිදා පටන් සෑම දිනකම රාත්‍රී 8ට සියත රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත යි.
ටෙලි කතා මාලාවක් (TVSeries) ලෙස නිර්මාණය වූ මෙහි චරිත සඳහා රොෂාන් රණවන, උදාරි පෙරේරා, ශ්‍රියන්ත මෙන්ඩිස්, ටීනා ශනෙල්, දමයන්ති ෆොන්සේකා, ජනක් ප්‍රේමලාල්, කුසුම් රේණු, නිමේෂා මධුෂානි, සිනෙති අකිලා, තිලිනි පෙරේරා, මේනකා මධුවන්ති, සිතිජ ජයසේකර, තාරක අධිකාරී, අමිල කරුණාරත්න, චමීර ලියනගේ, ඉෂාන් ගම්මුදලි, චාමර ප්‍රියදර්ශන, නිසදි කාරියවසම්, හර්ෂ දිසාසේකර, දිලුම් විජේසිංහ ඇතුළු පිරිසක් පණ පොවති.
කාවින්ද මලවිආරච්චි, ප්‍රියනාත් විදානපතිරණ සහ නිලංක ඇලෙක්සැන්ඩර්ගේ තිර රචනයකට අනුව නිමවුණු “ඉත්තෝ” හි කැමරාකරණය ස්ටයිනර් ඇඩම්ස්, සංස්කරණය මධුශංක චන්ද්‍රරත්න, කලා අධ්‍යක්ෂණය සුරේන් රාජපක්ෂ, ගීත රචනය දිල්ෂාන් පතිරණ, තේමා ගීතයේ සංගීත නිර්මාණය අචල සොලමන්ස්, අංග රචනය තාරක අධිකාරී සහ ගීත ගායනය මිහිඳු ආරියරත්න විසිනි.