චිත්රපට බෙදා හැරීමේ බලතල යළි සංස්ථාවට18 දා සිට පෞද්ගලික මණ්ඩල අහෝසියි
2001 වසරේ සිට චිත්රපට බෙදා හැරීමේ කටයුතු සිදු කළ පුද්ගලික සිනමා මණ්ඩලවලින්, චිත්රපට බෙදා හැරීමේ කටයුතු ශ්රී ලංකා චිත්රපට සංස්ථාවට පවරා දීමට විෂය භාර ඇමතිවරයා ගෙන තිබූ තීරණයට එරෙහිව ස්ථීර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න යැයි කර තිබූ ඉල්ලිමක් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර විසින් ගාස්තුවකට යටත්ව නිෂ්ප්රභා කෙරිණ. ඒ අනුව චිත්රපට බෙදා හැරීම යළිත් සංස්ථාවට හිමි විය. මේ පිළිබඳ චිත්රපට සංස්ථාවේ සභාපතිනි අනූෂා ගෝකුල පැවසුවේ මෙවන් වූ අදහසකි.
මෙරට ප්රදර්ශනය වන දේශීය සහ විදේශීය චිත්රපට බෙදා හැරීමේ බලතල නැවතත් චිත්රපට සංස්ථාවට පවරා ගත්තා. ඒ අනුව මෙම මස 18 වැනිදා සිට මෙරට ප්රදර්ශනය වන සියලුම චිත්රපට බෙදා හැරීමේ කටයුතු චිත්රපට සංස්ථාව මඟින් සිදු වනවා. 2001 වසරේදීයි නිලවීර වාර්තාව මඟින් චිත්රපට බෙදා හැරීම පෞද්ගලික අංශයට පවරා ගත්තේ. ඒ උසස් අන්දමින් චිත්රපට බෙදා හැරීම සඳහාය. 2019 වසරේ තෙක් එම කටයුතු විධිමත්ව වුණේ නැහැ. එම ගැසට් නිවේදනයට අනුව මෙම මස 18 වැනිදා සිට පෞද්ගලික සිනමා මණ්ඩලයන් අහෝසි වනවා. එහෙත් මෙතෙක් පෞද්ගලික සිනමා මණ්ඩලයන් ප්රදර්ශනය පෙළගස්වා තිබූ චිත්රපට ඒ අන්දමින් බෙදා හැරීම සඳහා මාස තුනක සහන කාලයක් ඔවුනට ලබා දෙන්නට අපි තීරණය කළා.
සරසවිය පුවත්පත