මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට බොලිවුඩ් නිළි ජැකලින් එක්වෙයි
ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ඉන්දියාවේ පැවැත්වුණු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනකට බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් ද සිය දායකත්වය ලබා දී තිබේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය (SLAITO) සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය සංවිධාන කළ මෙම වැඩසටහන පසුගිය 24 වැනිදා මුම්බායි නුවර දී පැවැත්වුණි.
“ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය කියන්නේ මම හැමවිටම ප්‍රවර්ධන කරන්න වගේම ධෛර්යමත් කරන්න උත්සහ කරන දෙයක්, මොකද මම මගේ මව්බිමට දැඩිව ආදරය කරනවා වගේම ඊට දැඩිව බැඳී සිටිනවා. ඉතින් විපතක් සිදුව ඇති මෙවන් මොහොතක එය අතිශයින්ම වැදගත් දෙයක්.” යනුවෙන් මෙරට උපන් බොලිවුඩ් රංගන ශිල්පිනිය එහිදී පවසා ඇත.
එසේම තවමත් පාරාදීසයක් බඳු ශ්‍රී ලංකාව තුළ සංචාරය කිරීම ඉතාමත් ආරක්ෂිත බැවින් ලංකාවේ සංචාරයට එක්වන මෙන් ඉන්දීය සංචාරකයින්ගෙන් ඇය ඉල්ලීමක් ද කර තිබේ.
https://mirrorarts.lk/news/5427-jf-190627#sigProId4ab410728c