ප්‍රසන්නට ළමයි ඕනෑලු
සම්මානනීය සිනමා අධ්යක්ෂ ප්‍රසන්න විතානගේ නිර්මාණය කරන එකොළොස් වැනි සිනමාපටය සමඟින් නවක ළමා නළු නිළියන් කිහිප දෙනකු හඳුන්වාදීමට අධ්යක්ෂවරයා අපේක්ෂා කරයි. ප්‍රසන්නගේ මෙම සිනමාපටය නම් කොට ඇත්තේ කුරවි නමිනි. මේ චිත්‍රපටය නිෂ්පාදනය කරනුයේ සිරස මූවීස් වෙනුවෙන් එම් එන්ටර්ටේන්ට්මන්ට් ආයතනයයි. මේ සඳහා වයස අවුරුදු හතරේ සිට දහහත දක්වා රංගන සහ ගායන හැකියාව ඇති දරුවන් රැසකට අවස්ථාව ලබාදීමට ප්‍රසන්න සූදානම් වෙයි. එළඹෙන ජූලි මස 06 සහ 07 යන දිනයන්හි කොළඹ ජාතික කෞතුකාගාරයට යාබදව ඇති ජයසූරිය සෞඛ්‍ය මධ්‍යස්ථානයේදී පෙරවරු 9.00 සිට 5.00 දක්වා මෙහි තිර පරීක්ෂණය පැවැත්වෙනු ඇත.
ප්‍රසාද් සමරතුංග - නිශ්ශංක විජේරත්න - යතේජා ඥානරත්න
සරසවිය