ඩැනියල්ගේ පළමු සමරු අත්සන රැගත් හැරී පොටර් පොත වෙන්දේසි වෙයි
ඩැනියල් රැඩ්ක්ලිෆ්ගේ පළමු සමරු අත්සන රැගත් හැරී පොටර් කෘතිය පවුම් 2600ක මුදලකට වෙන්දේසි වී ඇති බවට වාර්තා වනවා.
2000 වසරේ උතුරු යෝක්ෂයර් ප්රදේශයේ හැරී පොටර් ඇන්ඩ් ද ෆිලෝසොෆර්ස් ස්ටෝන් සිනමාපටයේ රූපගත කිරීම්වල සහභාගී වී සිටින අතරතුරයි වයස අවුරුදු 11 ක් වූ රංගන ශිල්පියා මෙම සමරු අත්සන යොදා ඇත්තේ.
සිය අත්සන ඉල්ලූ පළමු පුද්ගලයා ඇය බව ඔහු පොතෙහි හිමිකාරියට එහිදී පවසා තිබෙනවා.
හැරී පොටර් සිනමාපටයේ සෙසු ප්රධාන චරිතවලට පණ පෙවූ එමා වොට්සන් සහ රුපට් ග්රීන්ට් ද අත්සන් තැබූ පොතෙහි අයිතිකාරිය වන්නේ එම සිනමාපටයේ අතිරේක චරිතයකට රඟපෑ වෙරිටි කොලින්ස් නම් තැනැත්තිය යි.