ප්‍රකට බ්‍රසීල සංගීතවේදී Joao Gilberto දිවියෙන් සමුගනියි
ප්‍රකට බ්‍රසීල සංගීතවේදී Joao Gilberto අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 88කි.
දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ පසු වූ Joao මියගොස් ඇත්තේ රියෝ ද ජැනයිරෝ නුවර පිහිටි නිවසේ දී බව එරට මාධ්‍ය වාර්තා කරයි.
1960 දී ලොව ප්‍රසිද්ධියට පත් Bossa Nova සංගීත ශානරය සම්බන්ධයෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකු ලෙස මෙම ගායනවේදියා හැඳින්වුණි.
බ්‍රසීල සංගීතයේ නව මානයන් සොයා යන්නකු වූ Joao Gilberto සිය සංගීත දිවිය ආරම්භ කළේ වයස අවුරුදු 18 දී ය.
ඇමරිකානු සැක්සෆෝන් වාදන ශිල්පී Stan Getz සමඟින් එක්ව 1964 දී නිර්මාණය කළ සංගීත ඇල්බමයේ පිටපත් මිලියන ගණන් අලෙවි වූ අතර වසරේ සංගීත ඇල්බමය උදෙසා පිරිනැමෙන ග්රෑමි සම්මානය දිනා ගැනීමට ද සමත් විය.