දර්ශන රුවන් “ගොවි තාත්තා” ඔස්සේ සිනමා අධ්යක්ෂණයට
සමනල සංධ්වනිය වැනි සිනමා නිර්මාණ සහ ගොළු තාත්තා, මද්දහන, අළු බඳුන වැනි ටෙලි නිර්මාණවල සංගීත නිර්මාණකරු දර්ශන රුවන් දිසානායක සිනමා අධ්යක්ෂණයට පිවිස තිබෙනවා.
ඒ “ගොවි තාත්තා” චිත්‍රපටය සමඟිනි.
අඳ ගොවියකුගේ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය වූ මෙම සිනමා නිර්මාණයෙන් රසායනික පොහොර භාවිතයට හුරු වීම නිසා මෙරට කෘෂිකර්මාන්තයට සිදු වූ ඛේදවාචකය ගෙන හැර දක්වනවා.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ රංගන ශිල්පී ජගත් චමිල විසිනි.
“ගොවි තාත්තා” පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට දිගටම මිරර් ආර්ට්ස් වෙබ් අඩවිය සමඟින් රැඳී සිටින්න.