ජනප්‍රිය සංගීතවේදි ස්ටීවිට වකුගඩු බද්ධ කිරීමක්
ප්‍රකට ඇමරිකානු සංගීතවේදී ස්ටීවි වොන්ඩර් වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයකට නුදුරේදීම මුහුණ දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
69 හැවිරිදි මේ ගායන ශිල්පියා ලන්ඩනයේ හයිඩ් පාක් හි පැවැත්වුණු සංගීත ප්‍රසංගයක් අතරතුර දී මේ බව සිය රසිකයින් හමුවේ පවසා තිබේ.
සැප්තැම්බරයේ දී ශල්‍යකර්මය සිදු කිරීමට නියමිත බවත් ඊට පෙර ප්‍රසංග තුනකට සහභාගී වීමට අදහස් කරගෙන සිටින බවත් වැඩිදුරටත් ඔහු සඳහන් කර ඇත.
සිය සෞඛ්‍ය තත්වය පිළිබඳ කටකතා පැතිරීම වළක්වනු පිණිස මෙම දැනුම්දීම සිදු කළ බව ද “මට වකුගඩුවක් ප්රදානය කිරීමට කැමති පරිත්‍යාගශීලි පුද්ගලයෙක් හමුවුණා” යනුවෙන් ද ඔහු එහිදී ප්‍රකාශ කළේ ය.