රාජ්‍ය නාට්‍ය උළෙල 2020 සඳහා අත්පිටපත් භාර ගැනේ
48 වැනි වරට සංවිධාන කරනු ලබන රාජ්‍ය නාට්‍ය උළෙල සඳහා අත්පිටපත් භාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ඒ අනුව දිගු නාට්‍ය හා කෙටි නාට්‍ය අත්පිටපත් භාර ගන්නා අවසන් දිනය වන්නේ 2019 සැප්තැම්බර් මස 30 වැනිදා ය.
සිංහල හා දමිළ යන භාෂා වලින් එම නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර ඒවා අධ්යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වැනි මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම හෝ ගෙනවිත් භාරදිය හැකි බව සංවිධායකයෝ පවසති.
රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය එක්ව 2020 රාජ්‍ය නාට්‍ය උළෙල සංවිධාන කරනු ලබයි.