කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ දී වේදිකාගත කෙරෙන නාට්‍ය මෙන්න
නාට්‍යවේදී එම්. සෆීර් ප්රමුඛ “ඉන්ටර් ඇක්ට් ආර්ට්” 8 වැනි වරටත් සංවිධාන කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019” එළඹෙන අගෝස්තු මස 3 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
ප්‍රවීණ නාට්‍යවේදි ජයලත් මනෝරත්නයන්ට උපහාර පුද කරනු පිණිස මෙවර උළෙල “ආචාර්ය ජයලත් මනෝරත්න අභිනන්දන නාට්‍ය උළෙල” ලෙස වෙන්කර ඇති අතර ඊට ජර්මනිය, ඇමරිකාව, රුමේනියාව, ඔස්ට්‍රේලියාව, පකිස්ථානය, ඉන්දියාව යන රටවල නාට්‍ය කණ්ඩායම් සහභාගී වීමට නියමිත ය.
සමාරම්භක උත්සවය අගෝස්තු මස 3 වැනිදා පස්වරු 7ට කොළඹ ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන අතර නාට්‍ය දර්ශන 4 වැනිදා සිට 9 වැනිදා දක්වා දිනපතා පස්වරු 6.30 ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී රඟදැක්වේ.
එහිදී නූතන රංග කලාවේ ප්රගමනයට හේතුවන නාට්‍ය නිර්මාණ 13 ක් වේදිකා ගත කිරීමට නියමිතය.
එම කාලසටහන මෙසේ ය,
අගෝස්තු 4 අමීර් නවාස්ගේ “බුක් ඔෆ් ලව්” (පකිස්තාන)
රොනල්ඩ් රෑන්ඩ්ගේ “ලෙට් ඉට් බී ආට්!” (ඇ.එ.ජ.)
අගෝස්තු 5 අමීර් බෂිරිගේ “අර්දකානි ඔනරබල් ෆැමිලි” (ඉරාන)
සචිත්ර රාහුබද්ධගේ “දෝ රේ මි ෆා සෝ ලා ටි” (ශ්‍රීලංකා)
නලින් ලුසේනාගේ “නොකියා හිටපු දෙයක්” (ශ්‍රීලංකා)
අගෝස්තු 6 වැලන්ටින් ඇල්ෆෙරිගේ “ද ස්කයි අබව්” (ඔස්ට්‍රියා)
මෙලනි ෆ්ලොෂුට්ස් සහ මිෂෙල් දොනේගේ “තින්ග්ස් ටු වෙයා” (ජර්මනි)
අගෝස්තු 7 බොග්දානා ඩැරීගේ “රිහසල් ෆෝ එල්සිනෝ” (රුමේනියා)
ඩි.කේ. ආටිගලගේ “මෙන්න අපේ රජ්ජුරුවෝ” (ශ්‍රීලංකා)
අගෝස්තු 8 නිමාෂ ෆර්නැන්ඩුගේ “ෆයිට් ඔෆ් ෆැන්සි” (ශ්‍රීලංකා)
රාජිත හෙට්ටිආරච්චි සහ නිශාන්ත ද සිල්වා ගේ “ග්‍රීස් යකා රිටර්න්ස්” (ශ්‍රීලංකා)
අගෝස්තු 9 සතිෂ් නර්වෙකර්ගේ “සෝල් ටු සෝල්” (ඉන්දියා)
සුබෙන්දු භන්ධාරීගේ “එලාදිදී” (ඉන්දියා)
ප්‍රවේශපත් එල්ෆින්ස්ටන් රඟහලෙන් සහ ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයෙන් ලබාගත හැකි ය.