වර්ණභේදවාදයට එරෙහිව හඬ නැඟූ සංගීතවේදී “ජොනි ක්ලෙග්” අභාවප්‍රාප්ත වෙයි
දිගු කලක සිට අග්න්‍යාශ පිළිකාවකින් පීඩා විඳි ප්‍රකට දකුණු අප්‍රිකානු සංගීතවේදී ජොනි ක්ලෙග් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 66 කි.
“ජුලුකා” නම් මිශ්‍ර ජාතීන්ගේ එකතුවෙන් සැදුම්ලත් සංගීත කණ්ඩායමක් සමඟින් මිට වසර 40 කට ඉහත දී ඔහු සිය සංගීත දිවිය ඇරඹිය.
බ්‍රිතාන්‍යයේ උපත ලද ජොනි ක්ලෙග් බටහිර සහ සු(z)ලු සංගීතය එකට මුසු කරමින් අද්විතීය නිර්මාණ රාශියක් සිදු කළ අතර “White Zulu” ලෙසින් ජනප්‍රිය වූ ඔහු 1994 දක්වා බලයේ සිටි වර්ණභේදවාදී ආණ්ඩුව දැඩි ලෙස විවේචනය කළ අයෙක් විය.
වර්ණභේදවාදයේ අවසානය දකින තෙක්ම ඔහුගේ නිර්මාණ සඳහා විවිධ තහංචි දැමුණි. නිර්මාණ ප්‍රචාරය කිරීම තහනම් කිරීම, එළිමහන් ප්‍රසංග සඳහා දැඩි ලෙස සීමා දැමීම ඒ අතර සිදුවිය.
ජොනි ක්ලෙග් රසිකයින් අතර වඩාත් ජනප්‍රියත්වයක් අත්කරගත්තේ 1987 දී එළිදැක්වුණු “Asimbonanga” නම් ගීතය සමඟිනි. එය වර්ණභේදවාදයට එරෙහිව හඬ නැගීම නිසා සිරගත කළ නෙල්සන් මැන්ඩෙලාගේ නිදහස ඉල්ලමින් නිර්මාණය කරන ලද්දක් විය.
“අපි ඔහු දැක නැහැ” නම් තේමාව සහිතව සු(z)ලු බසින් ගැයුණු මෙම ගීතය මැන්ඩෙලාගේ නිදහස ඉල්ලා විවෘතව ඉදිරිපත් කළ පළමු ඉල්ලීම්වලින් එකක් ලෙස සැලකේ.
ජොනි ක්ලෙග් අභාවය පිළිබඳ දකුණු අප්‍රිකානු රජය, ලොව පුරා වෙසෙන කලාකරුවන් මෙන්ම රසිකයින් සිය ශෝකය පළ කර තිබේ.