ඉන්ස්පෙක්ටර් මොන්ටල්බානෝ ලේඛක ඇන්ඩ්රීයා කමිලරි දිවියෙන් සමුගනියි
ලොව පුරා ජනප්‍රියත්වයට පත් “මොන්ටල්බානෝ” රහස් පරීක්ෂක කතා රචක ඇන්ඩ්රීයා කමිලරි වයස 93 දී අභාවප්‍රාප්ත වී තිබේ.
හෘදයාබාධා තත්වයක් නිසා පසුගිය මස දී රෝහල්ගත කළ ඔහු ඉතාලි ජනයා අතර ගෞරවාදරය දිනාගත් ලේඛකයෙකි.
විගාටා නම් මනඃකල්පිත සිසිලියානු නගරයේ වාසය කළ සල්වෝ මොන්ටල්බානෝ නම් පරීක්ෂකවරයා මුල් කරගනිමින් ගෙතුණු රහස් පරීක්ෂණ කතා පොත් පෙළක් කමිලරි ප්‍රකාශයට පත් කළේ ය.
පසුකලක ඒ ආශ්රයෙන් නිර්මාණය කළ “ඉන්ස්පෙක්ටර් මොන්ටල්බානෝ” ටෙලි මාලාව එක්සත් ජනපද, එක්සත් රාජධානි, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය සහ ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය ටෙලියක් බවට පත්විය. එය පළමු වරට විකාශය කරන ලද්දේ 1999 මැයි මස දී ය.
සිසිලි රට පිළිබඳ ලොව පැවති මතය වෙනස් කරමින් සංචාරක ආකර්ෂණය දිනා දීමට කමිලරිගේ ඉන්ස්පෙක්ටර් මොන්ටල්බානෝ හේතු වූ බව බොහෝ දෙනකුගේ මතය යි.
ඇන්ඩ්රීයා කමිලරි විසින් කෘතීන් 100 කට අධික ප්‍රමාණයක් රචනා කර ඇති අතර ඒවා භාෂා 120 කට පරිවර්තනය කර තිබේ.