ලිංගික අපරාධ චෝදනාවලට වරදකරු නොවන බව R.Kelly කියයි
නීති විරෝධී ලිංගික සබඳතා පැවැත්වීම සඳහා ගැහැණු ළමුන් සහ කාන්තාවන් බඳවා ගැනීම යන චෝදනා සම්බන්ධයෙන් තමන් නිවැරදිකරු බවට ප්රකට ගායන ශිල්පී R.Kelly චිකාගෝ අධිකරණය හමුවේ ප්රකාශ කර තිබේ.
ඔහුගෙන් බාල වයස්කරුවන්ට අනතුරක් විය හැකි සහ පලා යාමට ඉඩ ඇති බව සඳහන් කරමින් නීතිවේදීන් කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු 16 අඟහරුවාදා ඔහුට ඇප ලබාදීම ප්රතික්ෂේප විය.
වින්දිතයින්ට මෙන්ම සාක්ෂිකරුවන්ට මුදල් ලබාදීමෙන් සහ තර්ජනය කිරීමෙන් අපරාධය වසන් කිරීමට උත්සහ කිරීම 52 හැවිරිදි මේ ඇමරිකානු ගායන ශිල්පියාට එල්ල වෙන තවත් චෝදනාවකි.
R.Kellyට එරෙහි ලිංගික අපරාධ චෝදනා 20 කට අධික ප්රමාණයක් සඳහා ද නඩු ගොනු කර තිබුණු නමුත් ඔහු එම චෝදනා ප්රතික්ෂේප කරයි.
නීති විරෝධී ලිංගික කටයුතු සඳහා බාල වයස්කාර දැරියන් බඳවා ගැනීම සහ ප්රවාහනය කිරීම, ළමා නිල් චිත්රපට නිෂ්පාදනය, සාක්ෂි විනාශ කිරීමෙන් සහ අල්ලස් ලබාදීමෙන් හෝ සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමෙන් යුක්තියට බාධා පැමිණවීම ගායන ශිල්පියා සහ ඔහුගේ සහචරයින්ට එල්ල වී ඇති චෝදනා වේ.
සබැඳි පුවත්
ලිංගික ජාවාරම් චෝදනා ලැබූ R.Kelly අත්අඩංගුවට