සඳා අහුබුදු අභාවප්රාප්ත වෙයි
කතුවරියක සහ කිවිඳියක වූ සඳා අහුබුදු අභාවප්රාප්ත වී තිබේ.
ඇය අරිසෙන් අහුබුදු සුරින්ගේ බිරිඳ යි.
ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාරේ පිහිටි නිවසේ එතුමියගේ දේහය තැම්පත් කර ඇති අතර ජූලි 21 වැනි ඉරිදා පස්වරු 4 ට ගල්කිස්ස පොදු සුසාන භුමියේ දී අවසන් කටයුතු සිදු කෙරෙන බව දැනුම් දී ඇත.
සර්වෝදය පුවත්පතෙහි වසර 22 ක් සේවය කළ සඳා අහුබුදු රාවය සඟරාව ආරම්භයේ දී එහි සංස්කාරක තනතුර ද හෙබවූවා ය.
එතුමියට නිවන් සුව පතමු!