“කැට්ස්” පූර්ව ප්‍රචාරකපටයට විවේචන
යුනිවර්සල් සමාගම විසින් සිය නවතම සිනමා නිර්මාණය “කැට්ස්” හි පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලය වෙත නිකුත් කිරීමෙන් පසු ඊට විවිධ විවේචන එල්ල වෙමින් තිබෙනවා.
එය ත්‍රාසය මුසු මෙන්ම ඔලුව අවුල් කරවන සුළු බවයි බොහෝ දෙනකුගේ අදහස වන්නේ.
ඇන්ඩෘ ලොයිඩ් වෙබර්ගේ සංගීතමය වේදිකා නාටකයක් ඇසුරින් රිදී තිරයට නැගුණු මෙම සිනමාපටය සඳහා ටේලර් ස්විෆ්ට්, ඉඩ්රිස් එල්බා සහ ජෙනිෆර් හඩ්සන් වැනි ජනප්‍රිය තරු රංගනයෙන් දායක වී තිබෙනවා.
එය ඔස්කාර් සම්මානලාභී ටොම් හූපර්ගේ නවතම අධ්‍යක්ෂණයයි.
විවිධ විවේචන එල්ල වුවත් අධ්‍යක්ෂකගේ අදහස වන්නේ එයින් මිනිස් දිවියට සම්බන්ධ කාලෝචිත, ගැඹුරු අර්ථයක් ද එළියට එන බව යි.
“කැට්ස්” එළඹෙන දෙසැම්බරයේ දී එළිදැක්වීමට නියමිත යි.