Tomb Raider නළු සයිමන් යැම්ට පිහි ප්‍රහාරයක් එල්ල වෙයි
චීනයේ ප්‍රවර්ධන වැඩසටහනක සහභාගී වී සිටි හොංකොං රංගන ශිල්පියකු මෙන්ම සිනමා නිෂ්පාදකවරයකු වන සයිමන් යැම්ට පිහි ප්‍රහාරක් එල්ල වී තිබෙනවා.
සම්මානලාභී සිනමාපට විශාල ප්‍රමාණයක් සඳහා රංගන දායකත්වය ලබා දී ඇති ඔහු මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ සොන්ශාන් නුවර සිටිය දී ය.
සයිමන් යැම් වේදිකාවේ කතා කරමින් සිටිය දී පුද්ගලයකු පැමිණ පිහි ඇනුම සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් එරට Weibo සමාජ මාධ්‍ය ජාලය තුළ සංසරණය වේ. අනතුර සිදු කළ පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවෙයි.
ඔහුගේ ජිවිතයට අනතුරක් නැති බවත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් ඔහුගේ කළමනාකරු මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ය.
“පිහි ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඔහුගේ උදරයට, අත කැපිලා තියෙනවා. නමුත් මුළු කාලය පුරා ඔහුට සිහිය තිබුණා,” යනුවෙන් කළමනාකරු වැඩිදුරටත් පවසා ඇත.
සයිමන් යැම් රඟපෑ පළමු හොලිවුඩ් සිනමාපටය වන්නේ Tomb Raider (2003) ය.