8 වැනි “යොවුන් චිත්‍රපට උළෙලට” කෙටි හා වාර්තා චිත්‍රපට කැඳවයි
ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධාන කරනු ලබන “යොවුන් චිත්‍රපට උළෙලේ” කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට තරගය සඳහා නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
වයස අවුරුදු 16-35 අතර යොවුන් නිර්මාණකරුවන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව හිමිවන බව සංවිධායකයින් පවසයි.
ඒ අනුව 2018 හෝ 2019 වසර තුලදී නිෂ්පාදනය කළ කෙටි හා වාර්තා චිත්‍රපට තරගයට ඉදිරිපත් කළ හැකි ය. ඒවා පිළිවෙලින් උපරිම විනාඩි 10 කට හා උපරිම විනාඩි 15 කට සීමා විය යුතු අතර එහි භාෂා මාධ්‍ය සිංහල නොවේ නම් ඉංග්‍රීසි උපසිරසි යෙදිය යුතු ය.
එක් අයකුට එක් තරග අංශයකින් ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණකි. එසේම චිත්‍රපට DVD තැටියක පිටපත් කර එහි පිටපත් 2 ක් මහරගම ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයට සැප්තැම්බර් 30 වැනිදාට පෙර බාර දිය යුතු ය.
කෙටි හා වාර්තා චිත්‍රපට අංශ දෙකෙහිම අවසාන වටයට තෝරා ගන්නා නිර්මාණ 10 අතුරින් ප්‍රථම ස්ථානය සඳහා රුපියල් එක් ලක්ෂ පනස්දහසක්, දෙවැනි ස්ථානය සඳහා රුපියල් ලක්ෂයක්, තෙවැනි ස්ථානය සඳහා රුපියල් හැත්තෑ පන්දහසක් වශයෙන් මුදල් ත්‍යාග හා සම්මාන සහතික පත් පිරිනැමෙන අතර කැමරාකරණය, සංස්කරණය, ශබ්ද නිර්මාණ, තිර රචනය, යොවුන් නළුවා සහ යොවුන් නිළිය තරග අංශ සඳහා ද මුදල් හා සම්මාන සහතික ලබාදීමට නියමිත බව සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කරයි.
වැඩිවිස්තර www.nysc.lk වෙබ් අඩවියෙන් හෝ 011 2847562 හෝ 011 2850986 දුරකථන අංක ඔස්සේ ලබාගත හැකි ය.